Saturday, September 24, 2011

ජීවිතය සහ දහම


හරයෙන් තොර දැවයෙන් කවර ප්‍රයෝජනද? ගුණයෙන් තොර ඖෂධයෙන් කවර ප්‍රයෝජනද? රසයෙන් හා පෝෂණයෙන් තොර ආහාරය කුමකටද? එමෙන්ම ධර්මයෙන් තොර ජිවිතයෙන් ඇති ඵලය කවරේද?
ධර්මය සැබවින්ම ජීවිතය අලංකාර කරයි. ශක්තිමත් කරයි. වටිනා බවට පමුණුවයි. ධර්මයෙන් වෙන්ව කවර සැපතක්ද? කවර ප්‍රීතියක්ද? ධර්මය නම් ජිවිතයේ හරයයි. ජිවිතයේ ඵලයයි. ධර්මය අමතක කොට, ධර්මය නොසලකා යමෙක් ජිවත් වෙයි නම් ඔහු සැමවිටම වටිනා මනුෂ්‍ය දිවිය නිකරුනේ විනාශ කර ගනියි. 
ඔබ කියන වචන, කරන වැඩ, සිතන සිතුවිලි සියල්ලම ධර්මානුකුල විය යුතුය. දිනපතා ඔබගේ ජීවිතය ධර්මයට අනුව ගමන් කරන්නේදැයි සිතා බැලිය යුතුය. එසේ නොවෙයි නම් අද සිටම ධර්මානුකුලව ජීවිතය ගෙන යාමට උත්සාහ කල යුතුය. එසේ නොකළහොත් ඔබගේ ජිවිතයෙන් නියම ප්‍රයෝජනය ඔබට ලබා ගත නොහැකි වනු ඇත. 

Friday, September 23, 2011

වචනය ඔබව විදහා පාන කැඩපතයි


අපිරිසිදු දෙයින් දුර්ගන්ධය හමන්නාක් මෙන්ම නරක වචනයන්ගෙන්ද දුර්ගන්ධය හමයි. කතා කරන වචන බොරුවෙන් හා කේලමෙන්ද, පරුෂ ගතියෙන් හා හිස් බවෙන්ද යුක්ත නම් ඒ වචන දුර්ගන්ධය හමන අපිරිසිදු දේ හා සමානය. 

අන්‍යයන් රවටන ප්‍රයෝග වචනද, අන්‍යයන් මුල කරන චාටු වචනද, දුර්ගන්ධය ඇති කෙරෙයි. නිතර අශිෂ්ට වූ පහත් වචන කතා කරන්නේ නම් ඔහු වැඩිකල් යන්නට පෙර නොවටිනා ඉතා පහත් තත්වයකට වැටෙයි.

ඔබගේ කතාව කෙබඳුද? ඔබ කවර කරුණක් නිසා හෝ බොරු කියන්නේද? කේලාම් කියන්නේද? පරුෂ වචන කියන්නේද? හිස් ප්‍රලාප දොඩන්නේද? එසේ නම් ඔබ දුර්ගන්ධය හමන පින්න මල්, කිඩාරම් මල් මෙන් අපිරිසිදු තත්වයක සිටින්නේය. 

අදම ඔබගේ ජීවිතය වටිනා තත්වයට පමුණුවා ගැනීමට උත්සාහ කරන්න. ඒ සඳහා ඔබ ශිෂ්ට , ශිලාචාර , යහපත් වචන ඔබගේ මුවින් පිට කිරීමයි. එවිට ඔබ සැබෑ මිනිසෙකු වනු ඇත. 

Wednesday, September 21, 2011

ඔබ ඔබම විමසන්න


ඔබ පිලිබඳ සැබෑ ස්වරූපය දන්නේ ඔබමය. ඔබ තුල පවත්නා හොඳ හෝ නරක ගැන නියම තත්වය දන්නේ ඔබ බැවින් ඔබම ඔබ විමසීමෙන් නියම විනිශ්චය ලැබෙනවා ඇත. දිනපතා ඔබගේ ජීවිතය ඔබ විමසන්නේ නම් ඔබගේ ජීවිතය මොහොතක් පාසා යහපත් මාර්ගයෙහි ගමන් කරවිය හැකිය. 
ඔබගේ සිත, කය, වචනය යන දොරටු තුනෙන් සිදුවන යම් වරදක් ඇත්තේ නම් එය ඔබගේ විමර්ශනයට නියත ලෙසම හසු වෙනවා ඇත. එවිට එය නැවත නොකරන්නට ඔබ අධිෂ්ටාන කල යුතුය. 
ඔබ අන්‍යයන් විමසීමට උත්සාහ නොකරන්න. එය ඔබට අයිති කාරණයක් නොවන්නේය.

Monday, September 19, 2011

සැහැල්ලු ජීවිතය සැප ලඟා කිරීමේ උල්පතය.


ජිවිතයක් උසස් වන්නේ ඇඳුමෙන්, නිලයෙන් හෝ ලොකු ගෙවල් දොරවල් වලින් නොවේ. ජීවිතයක වටිනාකම නම් චාම් බවයි. යමෙකුගේ ජීවිතය සැහැල්ලු නම්, චාම් බැවින් යුක්ත නම් ඔහු සැබවින්ම නැණවත් මනුෂ්‍යයෙකි. බුදු රදුන්ගේ ජීවිතය ඊට කදිම නිදසුනකි. 
ඔබ පමණක් ඇඳුමෙන් හා වෙනත් අස්ථිර දෙයින් උසස් වන්නට උත්සාහ කරන්නේ ඇයි? ඔබ උත්සාහ ගන්නේ ඔබ සතුටු වීමට නොව ඔබ දකින්නවුන් සතුටු කිරීමටය. ඔබගේ ලොකුකම ලෝකයාට පෙන්වීමටය. 
ඔබ චාම් වුවහොත්, ජිවිතයට අනවශ්‍ය දේ ඉවත් කොට අවශ්‍ය දේ පමණක් කළහොත් ඔබගේ අභ්‍යන්තරය දියුණු වී චරිත ශක්තිය වර්ධනය වන්නේය. 

Sunday, September 18, 2011

නිශ්ශබ්ද නොවනු

නිශ්ශබ්ද වීම හොඳ වුවත්, හැම තැනදීම නිශ්ශබ්ද වීම හොඳ නොවේ. තමාගේ නිශ්ශබ්ද වීමෙන් තමන්ට හා අන්‍යයන්ට විපතක්, කරදරයක් වේ නම් එබඳු අවස්ථාවන්හි නිශ්ශබ්ද නොවන්න . කියන්නට ඇති හැම සුදුසු වචනයක්ම කියන්න. සමාජය නිශ්ශබ්ද වී පවතින තාක් කල් දුෂ්ට මිනිසුන්ට එය අගනේය. මන්ද ඔවුන්ගේ දුෂ්ටකම් වලට කිසිදු බාධාවක් ඇති නොවන නිසාය. අප එකිනෙකා වෙන් වෙන් වශයෙන් හඬ අවදි කිරීම හානිදායක විය හැකිය. සමාජයක් ලෙස බහුතරය නිශ්ශබ්ද තාවය බිඳින විට කිසිවකුට එය වැළක්විය නොහැක. අද අප සිටින්නේ නිහඬ තාවය සාමුහිකව බිඳ දැමිය යුතු යුගයකය. අප මේ මොහොතේ ඒ සඳහා පෙරමුණ නොගන්නේ නම් අනාගත පරපුර අඳුරේ වැටීම වැළක්විය නොහැකි වනු ඇත. 

Saturday, September 17, 2011

යමෙකු කෙරෙහි පැහැදීමට ඉක්මන් නොවන්න

දර්ශන මාත්‍රයෙන් හෝ ශ්‍රවන මාත්‍රයෙන් යමෙක් කෙරෙහි පැහැදීම එතරම් ප්‍රඥා ගෝචර නොවේ. ලෝකයෙහි විවිධ වූ පුද්ගලයන් සිටිති. භයානක පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වීම ඔබ සතුය. ඔබගෙන් ධනය හෝ වෙනත් ලාභ ප්‍රයෝජන ලබන අදහසින් තාවකාලික වශයෙන් නැති ගුණ පෙන්වා ඔබගේ සිත ගැනීමට සමර්ථ අය නැතැයි නොසිතනු. ඔවුන් කෙරෙහි වහා ප්‍රසාදය ඇති කළහොත් පසුව ඔවුන් කෙරෙහි කලකිරිමටද ඉක්මන් වෙනවා ඇත. එනිසා ඉක්මනින් පැහැදීම ඉක්මනින් කලකිරීමට හේතු වේ. 
යමෙකුගේ ගුණයක් හෝ හැසිරීමක් ඔබගේ සිත පැහැදීමට සමර්ථ විය හැකිය. එහෙත් ඔබගේ පැහැදීම වහා ඔවුන්ට නොදැක්විය යුතුය. ටික කාලයක් ඉතා පරීක්ෂාවෙන් ඔවුන් ආශ්‍රය කල යුතුය. එවන් ආශ්‍රයේදීත් ඔවුන්ගේ ගුණ නොවෙනස්ව පවතී නම් ඔබගේ පැහැදීම හෙළි කල යුතුය. එම පැහැදීම බොහෝ කල් ආරක්ෂා වනුද නොඅනුමානය. ස්ථිර පැහැදීම වඩා වැඩ දායක වන්නේය. 

සුවසේ ජීවත්වීම


බලාපොරොත්තු සහිත වීම යහපත් නමුත් බලාපොරොත්තු කඩ කර ගැනීම යහපත් නොවේ. පසු නොබැස ක්‍රියා කිරීම ඔබට අයත්ය. ප්‍රතිපලය දෙස බලමින් අහංකාර වීම හෝ කලකිරීම අපට උරුම දෙයක් නොවන්නේය. තමා කරන සියලු දෙයකින්ම ලැබෙන ජය පරාජය ක්‍රියාවට භාර කිරීම සුවසේ ජීවත්වීමට ඇති ප්‍රධාන මාර්ගයයි. ඉතා සියුම් ලෙස පරික්ෂා කර බැලු විට පරාජයෙහි මෙන්ම ජයෙහිද වටිනාකම ඇත්තේ ඒ සඳහා තමා පිළිපන් මාර්ගයෙහිය. ගන්නා ලද උත්සාහයෙහිය.

ප්‍රතිපලය දෙස ගිජු සිතින් බලන්නා තුල දියුණු වන්නේ බියගුළු කමත් නොසන්සුන් බවත්ය. මේවා සිතේ ධෛර්යයට වදින මාරක පහරවල්ය. සිතේ ප්‍රීතියට පහල වන බාධාය. නිර්භය බවත්, ස්ථිර ගතියත් ඇති තැන සැපය දියුණු වෙයි. ක්‍රියාත්මක වීමට රුකුල් දෙයි. "සියල්ල යහපතටය" යන උසස් වචනයේ නියම අදහස දන්නා තැනැත්තේ සුවසේ ජීවත් වන්නේය.

Friday, September 16, 2011

වරද පෙන්වන්නා ඔබගේ උතුම් මිත්‍රයෙකි


සඟවා තිබෙන නිධානයක් මතුකොට පෙන්වීම කොතරම් භාග්‍යයක්ද? එසේම ඔබට නොපෙනී ඔබ තුල පවත්නා යම් වරදක් කෙනෙකු විසින් ඔබට පෙන්වා දෙන ලද නම් එය කොතරම් උපකාරයක්ද? කිසි කලක අන්‍යයන්ට කැළැල් ඇති කරන අදහසින් වරද නොසොයනු, නොපෙන්වනු. කැළැල් කරන අදහසින් වරද පෙන්වීමෙන් වනුයේ වරද පෙන්වන්නාද වරදකරුවකු වීමය. 
වරද කරන්න කෙරෙහි අනුකම්පාවක් ඇති කර ගත යුතුය. කරුණ සිතින්ම වරද ඉවත් කිරීමට උත්සාහ කල යුතුය. වරද ඇති තැනැත්තා කෙරෙහි මහත් කරුණාවක් ඇති බව පළමුවෙන් ඔහුට අවබෝධ කොට ඔහුගේ වරද පෙන්විය යුතුය. ස්ථානය හා අවස්තාව සලකා බලා වරද පෙන්වීමට ඔබ පරෙස්සම් විය යුතුය. වරදකරු යම් අපහසු අවස්තාවක සිටින විට වරද පෙන්වීම සුදුසු නොවේ. අන්‍යයන් වරදින් මුදවා ගැනීමට ඔබට වුවමනා නම් ස්ථානොචිත නුවණත්, ඉවසීමත් ඔබ තුල තිබිය යුතුය.

Thursday, September 15, 2011

Simplify Simplify Simplify


One of the primary reasons that people and organizations fail to get to greatness is that they try to be too many things to too many people. I'll use the Confucius quote I often use here: “Man who chases two rabbits catches neither.”


The most successful human beings are wildly focused. They have a very clear picture of what it is they want to create by the time they reach the end of their lives and then they have the discipline (and courage) to stick to their mission – saying “no” to everything that is not mission critical.


So my gentle suggestion to you is to simplify your life. Strip away all that is unimportant – these are the things keeping you from getting to your dreams. And then once you do your clean up, focus, focus, focus. You'll be surprised how good you will then get at being great.

ධන බලයේ ප්‍රතිබිම්භය සිඟන්නාය


සිඟන්නා ඔබට උසස් පණිවුඩයක් ගෙන එන්නෙකි. ඔහු ඔබට ඔබගේ රටේ තත්වය පැහැදිලි ලෙස පෙන්වා දෙන මිත්‍රයෙකි. ඔහුගේ ඉන වට ඔතා ගත් වැරහල්ල, සයින් වැහැරුණු සිරුර, සුසුමෙන් නොතොර මුව, දුක්මුසු අදෝනාව, ඔබේ සමාජයේ පවත්නා විෂම වැඩපිළිවෙලක විස්තර වාර්තාවකි. ඔහුද ඔබ මෙන්ම මේ පොලවේ සම්පුර්ණ අයිතිය ඇතිව උපන්නෙකි. එහෙත් ඔහුගේ අයිතිය කිසියම් සතුරකු හෝ සතුරු සමාජයක් විසින් පැහැරගත් හෙයින් හේ අනාථය. 
ඇතැම් විට ඔබද දැන හෝ නොදැන ඒ සතුරු සමාජයේ සාමාජිකයෙකි. ඔහුගේ අයිතීන් ලබා දීම සඳහා සටන් කිරීම ආත්ම ධෛර්යය ඇති ඔබගේ යුතුකමය. 
මනුෂ්‍ය සමාජයෙහි ගෙන් ගෙට ගොස් සිගා කන මිනිසකු ඇතිවීම කොපමණ නින්දාවක්ද? ඔහුගේ ජීවිතය පහත නොවටනා එකක් හැටියට සැලකීම, දුෂිත සමාජයේ නරක ප්‍රතිපල නිසා විපතට වැටුණු මිනිසා ගැන නොසැලකීම බලවත් අපරාධයකි. ඔහුගේ යහපත සඳහා වැඩ කිරීම සමාජ සේවාවයි. ඔහුව සිඟමන් යැදීමෙන් ඉවත් කර යම් කිසි ජීවිකාවක් කර ගැනීම සඳහා යොමු කිරීම ඉතා විශිෂ්ට සමාජ සේවාවකි. 

Wednesday, September 14, 2011

නුවනින් පරික්ෂා කිරීම සත්‍යය දක්නා කැටපතයි


ඔබ යමක් පිළිගන්නේ විශ්වාසය පිට නම් ඔබ සමග තර්ක කිරීමක් නැත. විශ්වාසය පෙරටු කර ගත්තහුට පිළිගත නොහැකි දෙයක් නැත. 
ඔහුට ශාස්ත්‍රයෙන් පිහිටක් නුවුමනාය. ඔහුට කාරණය දල වූ තරමට රසය. නොතේරෙන තරමට උසස්ය. ව්‍යාකුල වූ තරමට මිහිරිය. එසේ වූ තැනැත්තා මෙලොව අන්ධකාරය දියුණු කරන්නන්ගේ පක්ෂයේ සාමාජිකයෙකි. නමුත් ඔබ ඔබටත් සිහි බුද්ධියක් ඇති බව සලකා බැලීමට කැමති නම් ඔබ සමග තර්ක කිරීම , යමක හරි වැරදි කතා කිරීම , අපතේ නොයයි. 
ශාස්ත්‍රය ඔබ සඳහාය. ධර්මය ඔබ සඳහාය. ඔබ ශාස්ත්‍රයත්, ධර්මයත්, විතර්කයත් සත්‍යය ගවේෂණය සඳහා යොදවන්න. ඒ සියල්ලේ උදව්වෙන් ඔබ ආලෝකය සොයන්න.

Tuesday, September 13, 2011

Daily Practices give you the success without much effort


Success, world-class health, internal fulfillment and sustained happiness don't just happen. These elements of your best life are created. 
All too often we look at a human being playing their best game on the playing field of life and assume they got lucky or were born into their lofty condition. What we don't see is all the devotion and discipline that went into crafting the extraordinary results we see. 
What I'm suggesting is that personal and professional greatness takes work. I'm not someone who would ever tell you that you could get to your dreams without having to make some sacrifices and pay the price in terms of dedication and self-control. 
The best amongst us make it all look so easy. It is called the Swan Effect - elite performers make personal excellence look effortless and seem to make things happen as gracefully as a swan moves along the water. But like the swan, what you don't get to see is all the hard-work taking place below the surface. 
The best way to create spectacular results in the most important areas of your life is through daily practice. First you have to make a plan for everyday when you wake up or after your breakfast. Then practice this method of planning the day and stick to the plan. There can be situation where we should deviate from our initial plan. But the important thing is that we have a plan to execute. Then you don't need to go after the success. Instead it will come after you.

විභාජ්ජවාදියා


කරුණු එකිනෙකට ගලපා යමක් තෝරා ගැනීම යම් කිසි ධර්මයකට විරුද්ධ නම් ඒ ධර්මය විභාජ්ජවාදියා පිළිකුල් කරනු ලබයි
යම් කිසි ආගමක ඇතුලාන්තය කැමති පරිදි කිහා තර්ක කිරීම ඒ ආගමට විරුද්ධ නම් ඒ ආගම ඔහු ප්‍රතික්ෂේප කරයි
ආගම, ධර්මය, ශාස්ත්‍රය, පාලනය, චාරිත්‍රය සියුම් පරීක්ෂණ වලට භාජනය නොකොට තබත්ම ඒවායින් වන යහපතට වඩා අයහපත වැඩි වන්නේය

පැරණි වූ තරමට , පරම්පරාවෙන් පැමිණි නිසා හෝ වැඩි දෙනා පිළිගත් පමණින් යමක් මුවෙන් නොබැන පිළිගැනීමට බල කරන්නට වූ තැන පටන් විභජ්ජවාදීන් නැති වන්නට විය.
ඔවුන් නැති වත්ම ඇති වුයේ නිකම් හිස් මිනිසුන් ගොඩකි. එදා පටන් ලෝකය මුලාවට වැටෙන්නට විය. මේ තත්වය නැවත්වීමට ඔබ විභාජ්ජවාදියකු වන තුරු ලෝකය බලා සිටි 

Monday, September 12, 2011

Words are Gods


Language offers a framework for meaning. Think about that powerful
idea for a second. We understand the world through words. The words
you use determine the way you perceive reality. You can use words to hurt someone as well as you can make someone happy. People will measure you from not only your dress, your look, your height or weight but most importantly through your words. Always be careful when you are using words.

Great people always use great language. Not only do they refrain from using profanities, but they use the
language of passion. They use the language of leadership. They use
the language of possibility. They use the language of love.

දවස


විසි හතර පැයකට වරක් ඔබට අලුත් දවසක් උදා වන්නේය. දවස සපල කර ගැනීමෙන්ම ජීවිතයද සඵලත්වයට පැමිණේ
ජීවිතය වාසනාවෙන් පුරවා ගැනීමට ඔබ විසින් කල යුතු එකම දෙය නම් ඔබට උදා වන එම දවස සඵල කර ගැනීම පමණකි
එක මොහොතකුදු හිස් නොවන පරිදි කාලය වැඩ පිණිස යෙදවීමෙන් දවසද වැඩදායක වෙනවා ඇත 

Sunday, September 11, 2011

The Leadership is everyone's thing


Leadership has nothing to do with the title on your business card or the
size of your office. Leadership is not about how much money you make
or the clothes you wear. Leadership is a philosophy. It's an attitude. It's
a state of mind. And it's available to each one of us.