Thursday, September 15, 2011

ධන බලයේ ප්‍රතිබිම්භය සිඟන්නාය


සිඟන්නා ඔබට උසස් පණිවුඩයක් ගෙන එන්නෙකි. ඔහු ඔබට ඔබගේ රටේ තත්වය පැහැදිලි ලෙස පෙන්වා දෙන මිත්‍රයෙකි. ඔහුගේ ඉන වට ඔතා ගත් වැරහල්ල, සයින් වැහැරුණු සිරුර, සුසුමෙන් නොතොර මුව, දුක්මුසු අදෝනාව, ඔබේ සමාජයේ පවත්නා විෂම වැඩපිළිවෙලක විස්තර වාර්තාවකි. ඔහුද ඔබ මෙන්ම මේ පොලවේ සම්පුර්ණ අයිතිය ඇතිව උපන්නෙකි. එහෙත් ඔහුගේ අයිතිය කිසියම් සතුරකු හෝ සතුරු සමාජයක් විසින් පැහැරගත් හෙයින් හේ අනාථය. 
ඇතැම් විට ඔබද දැන හෝ නොදැන ඒ සතුරු සමාජයේ සාමාජිකයෙකි. ඔහුගේ අයිතීන් ලබා දීම සඳහා සටන් කිරීම ආත්ම ධෛර්යය ඇති ඔබගේ යුතුකමය. 
මනුෂ්‍ය සමාජයෙහි ගෙන් ගෙට ගොස් සිගා කන මිනිසකු ඇතිවීම කොපමණ නින්දාවක්ද? ඔහුගේ ජීවිතය පහත නොවටනා එකක් හැටියට සැලකීම, දුෂිත සමාජයේ නරක ප්‍රතිපල නිසා විපතට වැටුණු මිනිසා ගැන නොසැලකීම බලවත් අපරාධයකි. ඔහුගේ යහපත සඳහා වැඩ කිරීම සමාජ සේවාවයි. ඔහුව සිඟමන් යැදීමෙන් ඉවත් කර යම් කිසි ජීවිකාවක් කර ගැනීම සඳහා යොමු කිරීම ඉතා විශිෂ්ට සමාජ සේවාවකි. 

2 comments:

  1. පෝස්ට් එක හොඳයි. හබැයි මේ හිඟන්නා හිඟන්නෙක් කලේ සමාජය වගේ අදහසක් මට ආවා. එක නන් එහෙමම නෙමේ.ඒකට සමාජයේ බලපාමක් තියෙනව තමයි. හබැයි, එකම බලපෑම එක නෙමේ.අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නොතේරෙන අපි පෘතග්ජනයෝ සසර සරිසරනවා කර්ම රස් කර කර. ඒ කර්ම එක එක ආත්මෙදි විපාක දෙනවා.මේ අත්මේ හිඟන්නෙක් වෙන්න පහුගිය ආත්ම වල අපි කරපු පව් පින් බලපානවා. මෙතන මට මේ කමෙන්ට් එක දාන්න ඕන උනේ, මේ වගේ බටහිර සමාජ විද්‍යා ස්ංකල්ප බටහිර චින්තනයේම තියෙන දුර්වලකම් නිසා හරිම අසම්පූර්නයි. මෙහෙම සංකල්පයක් දැක්කම ඒක අපේ චින්තනය අතුලේ ඉඳල හිතන්න පුරුදු උනාම ගොඩක් සම්පූර්ණ සංකල්පයක් අපිට හදාගන්න පුලුවන්.
    මේ වගේ තව එකක් මම දැක්කා පත්තරේ තියෙනවා සමීක්ෂණයකින් හෙලි උනාලු ලංකාවේ ඉන්න අයගෙන් 10% ද කොහෙද මානසික රෝගීන් කියල.සබ්බේ පුතග්ජනා උන්මත්තකා කියලා ඉගෙන ගත්ත අපිට අපහු අමුතුවෙන් සමීක්ෂණයකින් ඕක කියල දෙන්න ඕන නෑ. (හැබැයි ඒකෙන් මම අදහස් කරන්නෙ නෑ මෙතන උන්මත්තකා කියල බුදු හාමුදුරුවෝ කිව්වේ මේ අද කියන මානසික රෝග වලට කියලා.)

    ReplyDelete
  2. මමත් ඒ අදහස පිලිගන්නවා. මෙතන අපි කතා කරන්නේ අපිට පේන හිඟන්නෝ ගැන වුනාට මේ සමාජයෝ අද බහුතරය හිඟන්නෝ බවට පත්වෙලා තියෙන්නේ ධනය බෙදී යාමේ තියෙන විෂමතාවය නිසා.
    සමාජයත් එක්ක කල්පනා කරලා බැලුවොත් අද දුප්පත් කම එන්න එන්න වැඩි වෙනවා. අපේ රටේ කිසිම දෙකට ප්‍රතිපත්තියක් නැති නිසා අපිට මේක වලක් වන්න බැරි වෙලා තියෙනවා.
    සමාජයේ යම් කිසි ප්‍රතිසංස්කරන වැඩපිළිවෙලක් නැතුව මේ බහුතරය දුප්පත් වෙන එක නවත්වන්න බැහැ.

    ReplyDelete