Wednesday, September 14, 2011

නුවනින් පරික්ෂා කිරීම සත්‍යය දක්නා කැටපතයි


ඔබ යමක් පිළිගන්නේ විශ්වාසය පිට නම් ඔබ සමග තර්ක කිරීමක් නැත. විශ්වාසය පෙරටු කර ගත්තහුට පිළිගත නොහැකි දෙයක් නැත. 
ඔහුට ශාස්ත්‍රයෙන් පිහිටක් නුවුමනාය. ඔහුට කාරණය දල වූ තරමට රසය. නොතේරෙන තරමට උසස්ය. ව්‍යාකුල වූ තරමට මිහිරිය. එසේ වූ තැනැත්තා මෙලොව අන්ධකාරය දියුණු කරන්නන්ගේ පක්ෂයේ සාමාජිකයෙකි. නමුත් ඔබ ඔබටත් සිහි බුද්ධියක් ඇති බව සලකා බැලීමට කැමති නම් ඔබ සමග තර්ක කිරීම , යමක හරි වැරදි කතා කිරීම , අපතේ නොයයි. 
ශාස්ත්‍රය ඔබ සඳහාය. ධර්මය ඔබ සඳහාය. ඔබ ශාස්ත්‍රයත්, ධර්මයත්, විතර්කයත් සත්‍යය ගවේෂණය සඳහා යොදවන්න. ඒ සියල්ලේ උදව්වෙන් ඔබ ආලෝකය සොයන්න.

2 comments:

  1. විශ්වාසය පෙරටුකොටගෙන පිළිගන්න ඕන දේවලුත් තියෙනවා.බුද්ධාගමේ ශ්‍රද්ධාව කියල කියන්නේ ඒකට. උදාහරණෙකට, නිවන අපිට විශ්වාසය පෙරටුකොටගෙන පිලිගන්න පුලුවන් දෙයක් විතරයි. අනික මේ සත්‍ය වගේ සංකල්ප සාපේක්ෂයි. අපි පෘතග්ජනව ඉන්න තාක් කල්, ධ්‍යාන උපදවීමක් නැතුව, අපිට ඔක්කොම දැනුම ලැබෙන්නෙ පංචේන්ද්‍රයන්ගෙන් සහ මනසින්.මේවා හරිම ගොරහැඩියි. ඒවයින් ලැබෙන හෝඩුවාවල් වලින් පමණ්ක්, යම් යම් දේ විශ්වාස නොකර "සත්‍ය" සොයා යනවා කියන එක මට තේරෙන විදියට නන් බොරු වැඩක්.

    ReplyDelete
  2. සත්‍ය සොයා යනවා කියන්නේ බින්දුවෙන් පටන් ගන්නවා කියන එක නෙමෙයි. නමුත් නිව්ටන් ගේ හරි අයින්ස්ටයින් ගේ හරි න්‍යායක් උඩ පදනම් වෙලා ප්‍රලාප ගොඩ නගන එකත් නෙමෙයි.
    දැනට පවතින කරුණු ගැන හොඳ ගවේෂණයක් කරන්න ඕනේ. ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නත් අපි බුදු දහම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන.
    අනෙකුත් ආගම් ගැනත් යම් කිසි දැනුමක් තියෙනවා නම් අපිට එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

    ReplyDelete