Friday, September 16, 2011

වරද පෙන්වන්නා ඔබගේ උතුම් මිත්‍රයෙකි


සඟවා තිබෙන නිධානයක් මතුකොට පෙන්වීම කොතරම් භාග්‍යයක්ද? එසේම ඔබට නොපෙනී ඔබ තුල පවත්නා යම් වරදක් කෙනෙකු විසින් ඔබට පෙන්වා දෙන ලද නම් එය කොතරම් උපකාරයක්ද? කිසි කලක අන්‍යයන්ට කැළැල් ඇති කරන අදහසින් වරද නොසොයනු, නොපෙන්වනු. කැළැල් කරන අදහසින් වරද පෙන්වීමෙන් වනුයේ වරද පෙන්වන්නාද වරදකරුවකු වීමය. 
වරද කරන්න කෙරෙහි අනුකම්පාවක් ඇති කර ගත යුතුය. කරුණ සිතින්ම වරද ඉවත් කිරීමට උත්සාහ කල යුතුය. වරද ඇති තැනැත්තා කෙරෙහි මහත් කරුණාවක් ඇති බව පළමුවෙන් ඔහුට අවබෝධ කොට ඔහුගේ වරද පෙන්විය යුතුය. ස්ථානය හා අවස්තාව සලකා බලා වරද පෙන්වීමට ඔබ පරෙස්සම් විය යුතුය. වරදකරු යම් අපහසු අවස්තාවක සිටින විට වරද පෙන්වීම සුදුසු නොවේ. අන්‍යයන් වරදින් මුදවා ගැනීමට ඔබට වුවමනා නම් ස්ථානොචිත නුවණත්, ඉවසීමත් ඔබ තුල තිබිය යුතුය.

No comments:

Post a Comment