Friday, September 23, 2011

වචනය ඔබව විදහා පාන කැඩපතයි


අපිරිසිදු දෙයින් දුර්ගන්ධය හමන්නාක් මෙන්ම නරක වචනයන්ගෙන්ද දුර්ගන්ධය හමයි. කතා කරන වචන බොරුවෙන් හා කේලමෙන්ද, පරුෂ ගතියෙන් හා හිස් බවෙන්ද යුක්ත නම් ඒ වචන දුර්ගන්ධය හමන අපිරිසිදු දේ හා සමානය. 

අන්‍යයන් රවටන ප්‍රයෝග වචනද, අන්‍යයන් මුල කරන චාටු වචනද, දුර්ගන්ධය ඇති කෙරෙයි. නිතර අශිෂ්ට වූ පහත් වචන කතා කරන්නේ නම් ඔහු වැඩිකල් යන්නට පෙර නොවටිනා ඉතා පහත් තත්වයකට වැටෙයි.

ඔබගේ කතාව කෙබඳුද? ඔබ කවර කරුණක් නිසා හෝ බොරු කියන්නේද? කේලාම් කියන්නේද? පරුෂ වචන කියන්නේද? හිස් ප්‍රලාප දොඩන්නේද? එසේ නම් ඔබ දුර්ගන්ධය හමන පින්න මල්, කිඩාරම් මල් මෙන් අපිරිසිදු තත්වයක සිටින්නේය. 

අදම ඔබගේ ජීවිතය වටිනා තත්වයට පමුණුවා ගැනීමට උත්සාහ කරන්න. ඒ සඳහා ඔබ ශිෂ්ට , ශිලාචාර , යහපත් වචන ඔබගේ මුවින් පිට කිරීමයි. එවිට ඔබ සැබෑ මිනිසෙකු වනු ඇත. 

No comments:

Post a Comment